Friday, April 19, 2024

General line - 0115112241

දරුවන් රැකුමට දිවි පරදුවට තැබූ උකුසු මව (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මවක් තම දරුවන්ට කෙතරම් ආදරය කරනවාද යන්න අමුතුවෙන් පැහැදිලි කිරීමට උවමනා නැත. මනුෂ්‍යයින් මෙන්ම සත්ව ලෝකයේද මවක් සිය දරුවන් සතුරන් ගෙන් ආරක්ෂා කිරීමට පසුබට නොවන අතර ඒ සඳහා සිය ජීවිතය වුවද පරදුවට තබන්න දෙවරක් සිතන්නේ නැති බව කවුරුත් දන්නා කරුණක්.

අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ දී දැවැන්ත දුඹුරු වලසෙක් සිය පැටවුන් සමග දඩයමේ යමින් සිටියදී උකුස්සු පැටවූ සිටි කුඩුවක් දැක එහි සිටි උකුසු පැටවුන් සිය ගොදුරු බවට පත්කර ගැනීමට උත්සහ කිරීමේදී උකුසු මවක් එම වලසාට එරෙහිව සටන් වදින අයුරු සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට  ජයාරූපශිල්පී Jeff Schultz සමත්ව තිබුනා.

වලසාගෙන් සිය පැටවුන් ආරක්ෂා කිරීමට එම උකුසු මව වලසා ආසන්නයෙන් වේගයෙන් අත්තටු ගසමින් පියාසර කරන අයුරු ඔහු සිය කැමරා කාචයේ සටහන් කර ගත් අතර ඒ උකුසු මවගේ සහයට තවත් උකුස්සෙක් පැමිණි බවයි Jeff Schultz සඳහන් කරන්නේ.

උකුස්සන් දෙදෙනෙකු ගෙන් බලාපොරොත්තු නොවූ සටන හේතුවෙන් අවසානයේදී වලස් මව සිය පැටවුන් රැගෙන එතනින් ඉවත්ව ගිය බවත් පසුවදා යලි උකුසු කුඩුව නිරික්ෂනය කිරීමට ගිය Jeff Schultz දැක ඇත්තේ උකුසු මව සිය කුදුවේම සිටිනා බවයි.

(Dailymail)