Friday, March 29, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ රිය අනතුරෙන් විදේශිකයින් දෙදෙනෙක් මරුට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




අද (20) අලුයම කොට්ටාව-ගාල්ල අධිවේගී මාර්ගයේදී කුරුදුගහ හැතැප්ම ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් වැන් රථයේ ගමන් කළ එක් විදේශීය කාන්තාවක් සහ අවුරුදු 4 ක දරුවෙක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරනවා.
 

..........................................................................................................................................................................

කොට්ටාව-ගාල්ල අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

(20-06-2018 06:11)

කොට්ටාව-ගාල්ල අධිවේගී මාර්ගයේ, කුරුදුගහ ප්‍රදේශයේදී අද (20) අලුයම රිය අනතුරක් සිදුව තිබෙනවා. විදේශිකයින් පිරිසක් රැගත් වැන් රථයක නතර කර තිබුණු කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

වාර්තාවන අන්දමට කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබු  කන්ටේනර් රථයේ රෝදයක හුලං බැස ඇති අතර එම රථයේ රියදුරු සහ රිය සහයක විසින් අධිවේගී මාර්ගයේදී ටයරය මාරු කරමින් සිටියදී විදේශිකයින් රැගත් වැන් රථය කන්ටේනර් රථයේ ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෙක් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.

මෙම අනතුරෙන් විදේශිකයින් සිවුදෙනෙක් ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් නාගොඩ රෝහලටත් තවත් දෙදෙනෙක් ඇල්පිටිය රෝහලටත් ඇතුලත් කර ඇති බවයි.

(ජයාරූප : නෙත්නිවුස් පාඨකයෙක් විසින්)