Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවයි. 

කුහක සහ ආත්මාර්තකාමීව කටයුතු කිරීම හේතුවෙන් අද වනවිට මානව හිමිකම් විහිළුවකට ලක්ව ඇති බවයි අමෙරිකාව චෝදනා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලී සිය රටේ තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 47ක්.