Friday, March 29, 2024

General line - 0115112241

අජන්ත මෙන්ඩිස්ගේ ලයන්ස් වොරියර් දෙවැනි වරටත් ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ශූරතාව දිනයි (PHOTOS)

කසුන් කැලුම්




මාස දෙකක කාලයක් පැවති "ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් රේසු ටු චෙස්ටර්" නව ආරේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ජාතික ශූරතා තරගාවලිියේ ශූරයින් බවට පත්වීමට අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ලයන්ස් වොරියර්ස් කණ්ඩායම ඉකුත්දා සමත් වුණා. 

ජාතික කණ්ඩායමේ වරම් ලාභී අජන්ත මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ඉකුත් වසරේ ශූරයින් බවට පත් වූ ලයන්ස් වෝරියර්ස් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගත්තේ පිට පිට දෙවැනි වරටයි. ප්‍රථමයෙන් දිස්ත්‍රීක් 4ක් යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලියේ ජාතික තරගාවලිය සදහා සුදුසුකම් ලද කණ්ඩායම් 8 අතර පැවති අවසන් මහ තරගයේදී හේමාල් කොරතොටගේ නායකත්වයෙන් යුත් සුපර් ලයන්ස් කණ්ඩායම ලකුණු 16කින් පරාජය කළ සුපර් ලයන්ස් ක්‍රීඩකයෝ ජයග්‍රහණය සදහා හිමි ශූරතා කුසලානය සමග රුපියල් ලක්ෂ දෙකක ජය මල්ලටද හිමිකම් කීවා. 

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 15කට සීමා වෙමින් තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවති මෙම ජාතික තරගාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලයන්ස් වෝරියර්ස් පිල පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා. ඊට පිළිතුරු ලෙස සුපර් ලයන්ස් කණ්ඩායමට පන්දුවාර 13.3 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 71ක් පමණයි. 

මෙම තරගයේදී පිත්තෙන් දස්කම්  දැක් වූ නායක අජන්ත මෙන්ඩිස් පන්දු 21 ලකුණු 39 ක්ද ලකුණු 08කට එක් කඩුල්ලක්ද දවා ගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වූවා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේද අජන්ත මෙන්ඩිස්.

ලකුණු පුවරුව

ලයන්ස් වෝරියර්ස් පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී 87 ය

(අජන්ත මෙන්ඩිස් 39, දුෂාන් විමුන්ති 12. හෂාන් රන්දික 87, අනුත්තර මාධ්‍ය 22/2, ගයාන් අබේවර්ධන 18/2, හේමාල් කොරතොට 18/2)

සුපර් ලයන්ස් පන්දුවාර 13.3කදී සියලු දෙනා දැවී ලකුණු 71

(තුසිත විජේසිංහ 14, අසන්ත බස්නායක 14, මයුර විජේසිංහ 28, නවන්ත රත්නායක 14/2, චතුර දමිත් 19/2)