Wednesday, April 24, 2024

General line - 0115112241

ගණිකා නිවාසයක් කඳානේදී වටලයි




කඳාන ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ ගණිකා නිවාසයක් වැටලීමට වලාන දුෂණ මර්ධන ඒකකය සමත්ව තිබෙනවා.

" ඔලීවා හර්බල් ප්‍රයිවට් ලිමිටඩ්" නමින් පවත්වා ගෙන ගිය එම සම්භාහන ආයතනයේ සිටි කාන්තාවන් 08 දෙනෙක් සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් කොටුගොඩ, සීදුව, නුවරඑලිය, කොළඹගේ ආර, කිඹුලාපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 32-36 වයසේ කාන්තාවන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට පත් වූ පිරිස අද (20) වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.