Wednesday, April 24, 2024

General line - 0115112241

මාතර කොළඹ බස් වර්ජනයක් - අධිවේගී මාර්ගයේත් බස් ධාවනය නොවේ

චම්ලි ඒකනායක




දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මාතර සිට කොළඹ බලා ධාවනය වන සියලුම පෞද්ගලික බස් රථ අද (20) උදෑසන සිට වර්ජනයක නිරත වනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (19) පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවන් හා ගමනාගමන කොම්ෂන් සභාහවේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා සඳහා විරෝධය දැක්වීම වර්ජනයේ අරමුණ බවයි වර්ජකයින් පවසන්නේ.

පහරදුන් පුද්ගලයා තවමත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත්  ගමනාගමන කොම්ෂන් සභාහවේ සභාපතිවරයා විසින් සිදුකරන ටෙන්ඩර් පටිපාටියෙන් තොර ක්‍රියා නවත්වන ලෙසත් වර්ජකයින් පවසනවා.

එම ඉල්ලීම්වලට හෙට (21) දිනය වන විට නිසි පිළිතුරක් නොලැබුනහොත් අඛන්ඩ වර්ජනයක නිරතවන බව වර්ජකයින් පවසන්නේ. මේ හේතුවෙන් මගී ජනතාව දැඩි පිඩාවට ලක්ව සිටිනවා.

ඇතැම් බස්හිමියන් පවසන්නේ අද උදෑසන මාතර බලා ධාවනය වූ බස් රථවලට වර්ජකයින්ගේ බලපෑම් හේතුවෙන් ආපසු පැමිණීමට නොහැකිව ඇති බවය. මේ සඳහා සියළුම බස් හිමියන් කැමති නොවුවද බලපෑම් හේතුවෙන් බස් රථ ධාවනය කිරීමට නොහැකි බවයි පෙන්වා දෙන්නේ.