Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන්න 16 දෙනාගේ කණ්ඩායම තීරණය කරයි

හේමන්ත කහවලගේ / ලහිරු කපුගේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරියේ දී කටයුතු කිරීමට අවසන් එකඟතාවකට පැමිණ ඇතැයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් බවයි. මෙහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ තමන් ඇතුළු 16 දෙනා කිසිදු විටක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අත්හැර නැති බවත් එම පක්ෂයේම සිටින ගමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව විපක්ෂයක් වශයෙන් කටයුතු කිරීමට බවයි.

16දෙනාගේ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් ද පළ කරන්නේ විවේචනාත්මක අදහස්. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මන්ත‍්‍රීවරයාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු ප්‍රකාශ කලේ තමන් ඇතුළු කණ්ඩායම කිසිදු අවස්ථාවක ආණ්ඩුවට සහය පලකිරීමට කටයුතු නොකරන බවයි. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා පවා දැනුවත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර 16 කණ්ඩායම පිළිබඳ මෙවන් අදහසක් පළ කළා.


මේ අතර දහසයේ කණ්ඩායම තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායකගේ ඇතැම් ක‍්‍රියා කලාපයන් ගැටළු සහගත වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. දහසයේ කණ්ඩායමේ මාධ්‍ය ලේකම්වරු අතර පැවත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීම පිළිබඳ සිය මාධ්‍ය කණ්ඩායමට මන්ත‍්‍රීවරයා දැනුවත් නොකරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.