Friday, April 19, 2024

General line - 0115112241

ලිඛිත විසඳුමක් දෙනතෙක් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයේ (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (22) දිනයේදී දේශපාලන පක්‍ෂවල නායකයන් ද දැනුවත් කරන බව වැඩවර්ජනයක නිරත තැපැල් වෘත්තීය සමිති පවසනවා. සාකච්ඡා කිහිපයක් පැවැත්වුවද පිළිගත හැකි ලිඛිත විසදුමක් තවමත් නොලැබුණු නිසා සිය වැඩවර්ජනයද තවදුරටත් සිදුකරන බවයි ඔවුන් අවධාරණය කළේ. මෙම වැඩවර්ජනයට සමගාමීව සිය ඉල්ලීම් දිනා ගැනීම සදහා තවත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග කිහිපයකද තැපැල් සේවකයන් යෙදී සිටින බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවා.

තැපැල් සේවකයන් අද (22) වැඩවර්ජනයේ නිරත වන්නේ අඛණ්ඩව 12 වන දිනටයි. වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස අවස්ථා කිහිපයකදි තැපැල්පතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයාද ඔවුන්ගෙන් ඉල්ලා සිිටියා. ඒ අනුව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන්ට මෙම මස පළමු වනදා සිට 11 වනදා දක්වා පමණක් වැටුප් ගණනය කරන බවයි තැපැල්පතිවරයා ඊයේ කියාසිටියේ.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට පිළිගත හැකි ලිඛිත විසදුමක් ලබාදෙන තෙක් වැඩවර්ජනය අත්නොහරින බව තැපැල් වෘත්තීය සමිති අවධාරණය කළා.               
 

----------------------------------

තැපැල් සේවකයින් ලේකම් සමග අදත් සාකච්ඡාවක් 

21-06-2018 07:16

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සහ තැපැල් අමාත්‍යංශ ලේකම්වරයා අතර තවත් සාකච්ඡාවක් අද (21) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙපාර්ශ්වය අතර ඊයේ දිනයේ පැවති සාකච්ඡාද අසාර්ථක වුණා.

සිය ගැටලූවලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බවයි එ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාරපැවසුවේ.

---------------------------------------

තැපැල් සේවක සාකච්ඡා අසාර්ථක වෙයි

20-06-2018 20:22

බලධාරීන් සමග තැපැල් වෘත්තීය සමිති අද පස්වරුවේ පැවත්වූ සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. එබැවින් පෙරවුරුවේ ආරම්භ කළ අඛණ්ඩ උපවාසය දිගටම පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවා.

------------------

තැපැල් සේවකයින් අඛණ්ඩ උපවාසයක් අරඹයි 

20-06-2018 12:40

දින 10ක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත තැපැල් සේවකයින් අද (20) පෙරවරුවේ සිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කළා. ඒ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදීයි. විසඳුමක් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් දක්වා එය වර්ධනය කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ. 

සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සේවය හැර ගියා සේ සලකන බවයි තැපැල්පති රෝහණ අබේරත්න පෙරේදා (18) රාත‍්‍රියේ පැවසුවේ. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති පසුබිමකත් තවදුරටත් වර්ජනයේ නිරතවීම අසාධාරණ බවයි.