Thursday, April 25, 2024

General line - 0115112241

බගවංතලාවේ හොර පතලක් අල්ලයි

රංජිත් රාජපක්ෂ




බගවන්තලාව, බොගවාන තේ වත්තේ නීතිවිරෝධී ලෙස මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ. බගවන්තලාව පොලීසිය සිදු කළ වැටලීමකදීයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

සැකකරුවන් විසින් ගොඩදමා ප‍්‍රවාහනයට සූදානම් කර තිබූ මැණික් ඉල්ලම් සහිත පොහොර උර 55ක් ද පොලිස් භාරයට ගෙන  ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.