Thursday, April 25, 2024

General line - 0115112241

මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල  වරාය අතට බාර දෙයි




චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 584  (රු. බිලියන 93)ක් හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දුන්නා.

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම චයිනා මර්චන්ට් පෝ3ර්ට් හෝල්ඩිංග්ස් (CM Port) සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මෙසේ ලබාදෙනු ලැබුවා. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබු වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින් සැලකෙනවා.

ඒ සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන නියෝජිත රේ රෙන් විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා වෙත ලබා දෙනු ලැබුවා. 

පසුගිය වසරේ දෙසැම්බරයේ දී සහ 2018 ජනවාරි මස මුදා හැරුණු පළමු හා දෙවන වාරිකයන් සඳහා පිළිවෙළින් ඇ.ඩා. මිලියන 292 ක් (රු. බිලියන 46ක්) සහ ඇමරිකානු ඩොලර් මිලියන 97 ක් (රු. බිලියන 15ක්) චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පිරිනැමුවා. 

චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම විසින් සම්පූ3⁄4ණ කෙරෙන පළමු ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 976 කි (රු. බිලියන 156) මීට අමතරව එකී ගිවිසුම් ප‍්‍රකාරව වරාය හා සමුද්‍රික ක‍්‍රියාකාරකම් සඳහා දෙවන ආයෝජන වටිනාකම වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 146 ක (රු. බිලියන 23) ක මුදලක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තැම්පත් කිරිමට එම සමාගම එකඟතාව පලකර ඇත.