Thursday, April 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමි බලන්න ගිය ඇමති

නිශාන් ද සිල්වා




අමාත්‍ය දුමින්ද දිසානායක අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවී තිබෙනවා. උදෑසන 10ට පමණ බන්ධනාගාරය වෙත පැමිණි අමාත්‍යවරයා ඥාණසාර හිමියන් රඳවා සිටින ආර් වාට්ටුව වෙත පැමිණ උන්වහන්සේ මුණගැසී ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.

අමාත්‍යවරයා ඥාණසාර හිමියන් සමග විනාඩි 20ක පමණ කාලයක් සාකච්ඡාවක නිරත වී ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.