Thursday, April 25, 2024

General line - 0115112241

"සංක්‍රමණිකයින් නොමැතිව යුරෝපය හිස්තැනක් බවට පත්වේවි" - ශුද්ධෝත්තම පාප්වහන්සේ

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙක්සිකානු දේශසීමාවේ සිට අමෙරිකාවට ඇතුල් වන සංක්‍රමණික පවුල් වල දරුවන් සිය දෙමව්පියන් ගෙන් වෙන් කර රඳවා තැබීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලන තන්ත්‍රය කටයුතු කිරීම අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ "ලෝක ජනගහණය ඉහළ යාම සංක්‍රමණිකයින් සඳහා ගැටලුවක් කර නොගන්නා ලෙසයි".

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කරන්නේ දෙමව්පියන් ගෙන් දරුවන් වෙන් කිරීම කතෝලික සාරධර්ම වලට පටහැනි බවට සඳහන් කරමින් අමෙරිකාවේ බිෂොප්වරයා සිදුකළ ප්‍රකාශයට තමන් සහය පල කරන බවයි.

" එය ඉතා අපහසු දෙයක් නමුත් ජනතාවාදය කියන්නේ එයට විසදුම නොවේ" යැයි පාප්වහන්සේ මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ට්‍ර්ම්ප් විසින් අමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් දක්වන මඳ ඉවසිලිවන්ත භාවය ගැන මෙහිදී ශුද්ධෝත්තම පාප්වහන්සේ සිය සාකච්ජාවේදී අවධාරණයේ කර සිටියා.

අමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයින් සියලුම දෙනා නීතිවිරෝධී යැයි සලකා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් මෙක්සිකෝවේ දේශසීමාව හරහා අමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ දරුවන් සිය පවුල් වලින් වෙන් කර රජයේ නිවාස වළ රැඳවීමට කටයුතු කිරීම ගැනද පාප්වහන්සේ සිය කනස්සල්ල ප්‍රකාශ කළා.

ගැටුම් සහ දරිද්‍රතාවය හේතුවෙන් යුරෝපයේ ආරක්ෂාව පතා සංක්‍රමණය වන මැදපෙරදිග සහ අප්‍රිකානු සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපයේ රටවල්  කටයුතු කරනු ලබන නව දේශපාලන මනෝගතිය පිළිබඳවද මෙහිදී පාප්වහන්සේ සිය අප්‍රසාධය පලකර තිබෙනවා.

" සංක්‍රමණිකයින් නොමැතිව යුරෝපය හිස්තැනක් බවට පත්වේවි" යැයි මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.