Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවට සින්නක්කර ඔප්පුව පිරිනැමේ (PHOTOS)

සමන්ත කුමාර




පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය සඳහා පැවරුම් සහතිකයක් හෙවත් ඔප්පුවක් පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ, අද පස්වරුවේ යෙදි තිබූ සුභ මොහොතින්. ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් එම ඔප්පුව කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දෙනු ලැබුවා.

මෙතෙක් පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාති‍්‍රක සන්නසක් මගින්. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විසින් එය පිරිනමා තිබුණා.