Friday, March 29, 2024

General line - 0115112241

මහවැලි ගඟේ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූ විදෙස් තරුණිය සොයා තවමත් මෙහෙයුම් (UPDATE)

දිනුක් හේවාවිතාරණ /හේරත් ඒකනායක




මහවැලි ගඟේ කටුගස්තොට - ගොහාගොඩ ප‍්‍රදේශයේ සිදු වූ බෝට්ටු අනතුරෙන් අතුරුදන් වූ විදෙස් ජාතික තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ 24 හැවිරිදි තරුණියක්.

සෞදි අරාබි සහ දෝහා කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් ඊයේ පස්වරුවේ මහවැලි ගඟේ පෙරළී අනතුරට ලක්වුණා. පසුව එහි ගමන් කළ හය දෙනෙකු පොලිසිය, නාවික හමුදාව හා ප‍්‍රදේශවාසීන් විසින් බේරාගෙන ගනු ලැබුවා.  

----------------------------------------------

විදේශිකයින් රැගත් යාත්‍රාවක් මහවැලි ගඟේ අනතුරකට ලක්වේ : එක් අයෙක් අතුරුදහන් 

20-06-2018 20:04

සෞදි අරාබියානු සහ දෝහා ජාතිකයින් රැගත් යාත්‍රාවක් මහවැලි ගඟේ කටුගස්තොට, ගොහොගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුරෙන් එක් විදේශීය කාන්තාවක් අතුරුදහන්ව තිබෙනවා.

අනතුරට ලක්වූ යාත්‍රාවේ විදේශිය කාන්තාවන් තිදෙනෙක් ඇතුළු විදේශීය පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ බෝට්ටුව පැදවූ පුද්ගලයා සිට තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් ඒකකය විසින් කටුගස්තොට පොලිසියට සිදුකළ දැනුම් දීමකට අනුව පොලිසිය හා නාවික හමුදාව ප්‍රදේශවාසින් සමග එක්ව අනතුරට පත්ව සිටි විදේශීය කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පිරිමි පුද්ගලයින් 05 දෙනා සහ බෝට්ටුව පැදවූ පුද්ගලයා බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

අතුරුදහන් වූ විදේශීය කාන්තාව සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුම් දියත් කර තිබෙනවා.