Thursday, March 28, 2024

General line - 0115112241

රුසියාව යුද්ධයකට සුදානම් - බ්‍රිතාන්‍ය අනතුරු අඟවයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එළඹෙන මාසයේදී යුරෝපයේදී අමෙරිකානු-රුසියානු සමුළුවක් පැවැත්වීමේ ඉඩකඩ පවතින බවට "ද ටයිම්ස්" පුවත්පත වාර්තා කරනවා. පසුගියදා චීනයේ පැවති සමුළුවකට සහභාගිවූ රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට තමන් කැමති බවයි.

ලබන ජුලි මාසයේදී නේටෝ සමුළුවට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍ය බලා යන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් අනතුරුව රුසියානු ජනාධිපති වැලැඩිමීර් පුටින් සමග සාකව්ජා පැවැත්වීමට සුදානමක් පවතින බව ධවල මන්දිර ආරංචි මාර්ග වලින් දැනටමත් වාර්තා වී ඇති බව "ද ටයිම්ස්" පුවත් පත සඳහන් කරනවා.

අමෙරිකා-රුසියානු සමුළුව බොහෝ විට වියානා හිදී පැවැත් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා සඳහන් කරන්නේ රුසියාව යුද්ධයක් සඳහා සිය හමුදාවන් සුදානම් කරමින් සිටින බවයි.                                                                                                

රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගේ සුදානම් වීම ගැන ඔහුගේ හමුදා ප්‍රධානි ජෙනරාල් මාර්ක් කාර්ල්ටන් - ස්මිත් විසින්ද අනතුරු අඟවා තිබෙනවා. 

අමෙරිකානු හමුදා ප්‍රධානියා සඳහන් කරන්නේ රුසියාව සමග මේ මොහොතේ සාකච්ජා කිරීම අනතුරුදායක බවයි. " රුසියානු හමුදාව දැනට පෙන්නුම් කරන්නේ ව්‍යාජ තර්ජනයක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාලයයි. ඒ ඔවුන්ගේ ශක්තිය වැඩිකර ගැනීමට සහ දිගුකාලින සැලැස්මක් ක්‍රියාත්මක කර ගන්නයැයි ඔහු ප්‍රකාශ කර සිටියා.