Friday, April 26, 2024

General line - 0115112241

වලවේ ගඟේ  දියනෑමට ගිය වයස අවුරුදු 10 ක දරුවෙකු අතුරුදහන් (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




අම්බලන්තොට රිදියගම පහේ කණුව ප්‍රදේශයේ දී වලවේ ග‍ඟේ දිය නෑමට ගිය වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් අතුරුදහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අම්බලන්තොට රිදියගම පොලියර්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.බී.නෙත්මිණ නිර්මාණ නැමති වයස අවුරුදු 10ක දරුවෙකු බවයි වාර්තා වන්නේ.  ඔහු අද (21) දහවල් 12ත් 2ත් අතර කාලය තුළ  නිවසින් පිටව ගොස්, ගල් තොටුපළ නැමති ස්ථානයකට  දිය නෑමට යෑමෙන් පසු මෙසේ අතුරුදන් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අතුරුදන් වූ දරුවාගේ දෙමව්පියන් විසින් අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ද දමා ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.