Friday, March 29, 2024

General line - 0115112241

මෙරට තරුණ සැලසුම් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුට නිපෝන් පේන්ට් සමාගමේ Asia Young Designer සමුළුවට සහභාගී වීමේ අවස්ථාව




ශ්‍රී ලංකාවේ පැවති Asia Young Designer Award (AYDA) තරගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තරුණ සැලසුම් නිර්මාණ ශිල්පීන් දෙදෙනෙකුට මැලේසියාවේදී පැවැති නිපෝන් පේන්ට් සමාගමේ Asia Young Designer සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමි විය. මොරටුව විශ්ව විද්‍යාලයේ දිලූශාන් කොඩිකාර AYDA හිදී වාස්තු විද්‍යාඥ (Architecture) කාණ්ඩයේ රන් සම්මාන දිනාගත් අතර අභ්‍යන්තර නිර්මාණ (Interior Design) කාණ්ඩය යටතේ City School of Architecture හි සචින්තා ප්‍රනාන්දු රන් සම්මාන දිනාගත්තේ ය.

ඒ අනුව ඔවුන්ට තවත් ආසියානු රටවල් 14 ක ජයග්‍රාහකයන් සමග මැලේසියාවේදී දින 4 ක පුහුණු වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව හිමි විය. මෙම වැඩමුළුවට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම් යටතේ පුහුණු සැසි සහ මැලේසියාවේ ඓතිහාසික සහ ගෘහ නිර්මාණාත්මක වශයෙන් වැදගත් ස්ථාන වෙත අධ්‍යයන සංචාර ආදිය සිදුකෙරේ. එමෙන්ම වැඩමුළුවට සහභාගී වූවන්ට 'Asia Young Designer of the Year’ සම්මානය දිනාගැනීමේ මෙම තරඟයේදි ‘‘You for Tomorrow’’ තේමාව යටතේ සිදුකරන ලද නිර්මාණ ලොව සුප්‍රකට ප්‍රවීණයන් 56 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලැබිණ.

මේ පිළිබඳව අදහස් දක්වමින් නිපෝන් පේන්ට් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජා හේවාබෝවල මහතා පැවසුවේ ආසියානු කලාපයේ තරුණ නිර්මාණ ශිල්පීන්ට අත්වැලක් වීමටත්, ඔවුන්ට එකිනෙකා හඳුනාගෙන සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ අවස්ථාව සලසා දීමටත් නිපෝන් පේන්ට් සමාගම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. මෙවර ශ්‍රී ලංකාවේ පැවති Asia Young Designer Award තරගාවලියේදී අපට ශ්‍රී ලාංකික තරගකරුවන්ගෙන් විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණු බවත්, ඔවුන් අතර ඉදිරියෙන්ම සිටි දෙදෙනෙකුට මෙසේ මැලේසියාවේ පැවැත්වුණු සමුළුවට සහභාගී වීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක් බවත් කළමනාකාර අධ්‍යක්ෂ රාජා හේවාබෝවල මහතා එහිදී වැඩිදුරටත.සඳහන් කලා.


ශ්‍රී ලංකාවේ විශාලතම තීන්ත නිෂ්පාදන සමාගම් අතරින් එකක් වන නිපෝන් පේන්ට් සමාගම තම මවු සමාගම වන NIPSEA Group සමග එක්වී නිෂ්පාදන නිපදවීම හා අලෙවි කිරීම සිදුකරයි. NIPSEA Group යනු ආසියාවේ රටවල් 15 ක ව්‍යාප්ත වී ඇති දැවැන්ත සමාගමකි. වසරකට තීන්ත සහ ආලේපන වර්ග ලීටර බිලියනකට වැඩි ප්‍රමාණයක් නිපදවන එම සමාගම ආසියාවේ මෙන්ම සමස්ත ලෝකයේ තීන්ත සමාගම් වල ප්‍රධාන පෙළේ සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරයි. දියුණුතම ජපන් තාක්ෂණය සහ අතිවිශිෂ්ට ප්‍රමිතිය සමගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ඉහළම තලයේ තීන්ත නිෂ්පාදන සමීප කරවීමට නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරනු ලබනවා.