Saturday, April 20, 2024

General line - 0115112241

අඟුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය විවෘත කිරීමෙන් පසු පළමු වතාවට කුඩු ගෙනා තරුණයෙකු කොටුවෙයි

ගුණරත්න ගමගේ




අඟුණුකොළපැලැස්ස නව බන්ධනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව පළමු වතාවට රැඳවියකු බැලීම සඳහා පැමිණි වයස අවුරුදු 28ක පමණ තරුණයෙකු විසින් මිලි ග්‍රෑම් 8 ක පමණ මත් කුඩු ප්‍රමාණයක් රැගෙන ගොස් තිබෙනවා.

එම තරුණයා පැළඳ සිටි රබර් සෙරෙප්පු දෙකෙහි එකක් ඉතා සූක්ෂම අයුරින් පලා ඒ තුල මෙම මත්කුඩු සඟවාගෙන පැමිණ ඇති අතර ඔහු ගැන සැක සිතී පරීක්ෂා කිරීමේදී බන්ධනාගාර නිළධාරීන්ට  එම මත්කුඩු ප්‍රමාණය හසු වී තිබෙනවා.

සැකකරු රන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු අද සවස අගුණුකොලපැලැස්ස පොලිසියට භාරකර තිබෙනවා.