Saturday, April 20, 2024

General line - 0115112241

ගල්කිස්සේ සහ වැලිකඩ ගණිකා නිවාස දෙකක් වටලයි

දිනුක් හේවාවිතාරණ




ගල්කිස්ස සහ වැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

සම්බාහන මාධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවස දෙක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබා ගත් සෝදිසි වරෙන්තු මත වැලිකඩ සහ ගල්කිස්ස පොලිසිය විසින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

මෙම ගණිකා නිවස දෙක පවත්වාගෙන ගිය කළමනාකරු සහ කළමනාකාරියද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අද (22) අධිකරණයට ඉදිරිපත් කිරිම්ට නියමිතයි.