Friday, March 29, 2024

General line - 0115112241

ත්‍රාසජනක චිත්‍රපටයකමෙන් ජර්මනියේ ප්‍රධාන දුම්රියපොළකදි අත්අඩංගුවට ගත් ආයුධයක් අතැතිව සිටි ශ්‍රී ලංකිකයා (PHOTOS)




ජර්මනියේ මියුනිච් නගරයේ ප්‍රධාන දුම්රියස්ථානයේ, පසුගිය අඟහරුවාදා උදැසන පුද්ගලයෙකු සෙන්ටි මීටර් 13ක් දිගැති තියුණු උල් පිහියක් අතැතිව ඒ මේ අත සැරිසරනවා දුටු මගියෙක් තම දුරකතනයෙන් වහාම පොලිසිය දැනුවත් කර තිබෙනවා. විනාඩි 3 කට අඩු කාලයකදී පොලිස් නිලධාරින් 12 පුද්ගලයා අදාල වටකර ගනු ලැබුවා.

පොලිස් නිලධාරීන් ඔහුට ඉංග්‍රීසි සහ ජර්මන් බසින් කිපවිටක්ම පිහිය බිම දමන ලෙස අණකළද එයට කීකරු නොවී ඉදිරියට යෑමට උත්සාහ කළ ඔහුව, වම් සහ දකුණු පසින් සිටි නිලධාරින් එකවිටම දෙපැත්තෙන් ඉදිරියට පැන ගම්මිරිස් සහිත වායුවක් පුද්ගලයාගේ මුහුණට විදිනු ලැබුවා. 

ඉන් පසු පුද්ගලයා තියුණු පිහිය ඒ මේ අත වනමින් තමා වට සිටින පොලිස් නිලධාරින් බියවැද්දීමට උත්සහ කළද ඔහුට පිටුපසින් සිටි පොලිස් නිලධාරියා ක්‍ෂණිකව ඉදිරියට පැන රෙස්ලින් සටනක දී විරුද්ධවදියා බිම දමන ආකාරයට පුද්ගලයා බිම දැමු අතර අන් නිලධාරින් ද ඔහුට සහය වී පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත් වයස 32 ක් වූ පුද්ගලයා පෝලන්තයේ පදිංචිව ඉගෙනුම ලබන ද්‍රවිඩ සම්භාවයකින් යුත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකි. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහු ජර්මනිය හරහා ප්‍රංශයට ගොස් එතනින් කැනඩාවට සැලසුම් කර සිටි බවයි.

ජර්මන් පොලිසිය  අත්අඩංගුවට පත්  ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට විරුද්ධව ,නිතිය හා සාමය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විරුද්ධත්වය පෑම, සහ  ,අවි ආයුධ පනත කඩ කිරීම, යන චෝදනා යටතේ නඩු පැවරීමට සැරසෙන අතර ඔහුගේ මානසිකත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇත.