Thursday, April 25, 2024

General line - 0115112241

මනෝජ් මෙන්ඩිස්ගේ ගෝලයෙක් වෙඩි තබා මරා දමයි - දකුණේ පාතාල ගැටුමේ තවත් බිල්ලක්




හික්කඩුව, නාරිගම, වෑවල ප‍්‍රදේශයේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා ඉනාසි චමින්ද නමැත්තෙක්. 30 වන වියේ පසු වූ ඔහු යතුරුපැදි ධාවකයෙකුද වනවා. දකුණේ පාතාල නායකයකුව සිටි රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ සමීපතමයෙකු ලෙසද මොහු සැලකෙනවා. ඔහු 2015 වසරේ මාර්තු 23දා රාත්‍රීයේ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වුණා.

පුහුණුවීම්වල යෙදි සිටියදි ඔහු වෙඩි තැබීමට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා මිනිමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවෙකුද බවයි පොලීසිය පැවසුවේ.