Friday, March 29, 2024

General line - 0115112241

මාතරදී වෙඩි තබා තුවාල ලැබූ සැකකරුවන් 03ක් ප්‍රතිකාර ගන්න යද්දී අල්ලයි (PHOTOS) (UPDATE)

චම්ලි ඒකනායක/ තරිඳු රණවීර




මාතර නගරයේ අද (22) උදෑසන සිදුවූ  වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරුවන් 03 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ එම සැකකරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට යාමේදීයි.

(මාතරදී කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවේ CCTV දර්ශන මෙතැනින්)

-------------------------------

මාතර වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරියෙක් මරුට - එක්  සැකකරුවකු අල්ලයි  (PHOTOS/ UPDATE)

(22-06-2018 12:50)

 

මාතර නගරයේ අද (22) උදෑසන සිදුවූ  වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් වැසියන් දෙදෙනකු මින් තුවාල ලබා රෝහල්ගතකර සිටිනවා.

පලාගිය සැකකරුවන්ගෙන් අයෙකු පසුව අත්අඩංකුවට ගෙන තිබෙනවා.

-------------------------------------

පොලිසිය සහ කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්! වෙඩි වැදුනු කොල්ලකරුවෙක් රැගෙන කල්ලිය පලායයි! 5ක් රෝහලේ

22-06-2018 11:17

මාතර නගරයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් තිදෙනකු, පිරිමියකු සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කොල්ලකරුවකු ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් ඇතැයිද පැවසෙනවා.

කොල්ලකරුවන් පිරිසක් විසින් මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවි සැලක් කොල්ලකා පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය හා කොල්ලකරුවන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට වෙඩි වැදුනු පොලිස් නිලධාරීන් තිදෙනකු සහ කාන්තාවක් හා පිරිමියකු මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ. එක් පොලිස් නිලධාරියකුගේ තත්වය බරපතල බැවින් ඔහු ශල්‍යකර්මයකට භාජනය කරමින් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවා.