Thursday, April 25, 2024

General line - 0115112241

ඥාණසාර හිමි හිරේ හිටිය හැටි මාධ්‍යට කියයි (PHOTOS) (UPDATE)

නිශාන් ද සිල්වා




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (22) ඇප මත මුදා හැරුණා. එ් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

මෙහිදී උන්වහන්සේට හෝමාගම මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග විසින් විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

ඇප කොන්දේසි සපුරා ලීම සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම අධිකරණ පරිශ‍්‍රයට පැමිණියේ පස්වරු 04.00ට පමණයි. පසුව උන් වහන්සේ ඇප කොන්දේසි සපුරා ලීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටත්ව ගියා. පසුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී "මේ වෙලාවේ මට කෙටියෙන් කියන්න තියෙන්නේ.. මුළු රට පුරාම කතා බහක් ඇති වුණා..ඥාණසාර හාමුදුරුවන්ට ජම්පරේ ඇන්දුවද? නැත්නම් මොනවගේ ඇඳුමක් පාවිච්චි කළාද වශයෙන්. බෞද්ධ ජනතාව අතිශය සංවේගයට පත්වුණා මෙම සිද්ධිය හරහා. බොහොම වගකීමෙන් කියන්න තියෙන්නේ..ඒ හිර ගෙදරදි මම 'උපාය දන්නෝ..අපායේ නොවැටෙති' යන වැකියට අනුව යමින් රැවුලයි කැඳයි දෙකම බේර ගත්තා. ඉදිරියටත් මේ ලද අත්දැකීම් මත සිටගෙන වඩා අධිෂ්ඨාන ශීලිව සහ දූරදර්ශීව මේ රටත් දැයත් වෙනුවෙන් අපේ ජීවිතය කැප කරන බව මතක් කරන්න කැමතියි. ඉදිරියේ තවත් වැඩ කටයුතු රාශියක් තියෙනවා.." යනුවෙන් සඳහන් කළා.

 

--------------------------------------

ඥාණසාර හිමි පිටව ගිය හැටි (PHOTOS) (UPDATE)

(22-06-2018 16:24)

 

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා  අද (22) බන්ධනාගාර රියකින් හෝමාගම අධිකරණයට රැගෙන පැමිණියා.

පසුව අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණි ඥාණසාර හිමි පෙරහැරකින් අධිකරණ සංකීර්ණය අසළ පිහිටි විහාරස්ථානයකට ගොස් මල් පූජා කරමින් ආගමික වතාවත්වල නිරත වුණා.

(එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙයි)

 
 

--------------------------------

ඥාණසාර හිමිගේ බලාපොරොත්තුව ඉටු වෙයි

(22-06-2018 14:54)

 

 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමට අද (22) නියෝග කර තිබෙනවා.

මාස 06ක සිරදඬුවමක් නියමවූ බොදු බල සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද ඇප මත මුදා හැරුණේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය මගින්.

ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා.

අපේක්‍ෂා කරන පරිදි අද ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබුණා. සංඝාධිකරණයක් පිහිටුවිම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීම  උන්වහන්සේගේ අපේක්‍ෂාවයි.