Thursday, April 25, 2024

General line - 0115112241

විනය කඩ කලාට චන්දිමාල්ට ගුරුසිංහට සහ හතුරුසිංහට ලැබිය හැකි දඬුවම් මෙන්න

දිනුක් හේවාවිතාරණ




බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි 2 වන ටෙස්ට් තරගයේ තුන්වන දිනයේදී තරගය ආරම්භ කිරීම සඳහා නියමිත වෙලාවට පිටියට නොපැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විනය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ "ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනිව හැසිරීම" යන චෝදනාව යටතේයි.

මෙම චෝදනාවට වැරදිකරුවන් වුවහොත් ටෙස්ට් තරග දෙකක් හෝ 04 ක් එසේත් නැත්නම් එක්දින තරග 04 ක් හෝ 08 ක් සඳහා තරග තහනමකට ලක්විමේ අවධානමක් පවතින බව ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරනවා.

දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනය ආරම්භ කිරීමට මිනිත්තු 10 කට පෙර ඉකුත් දිනයේ ක්‍රීඩා කරන ලද පන්දුව වෙනස් කර නව පන්දුවක් ලබා දෙන බවට විනිසුරුවරුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට දැනුම් දී ඇති අතර ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඒ පිළිබඳව නොසතුට පළ කරමින් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා. විනිසුරුවරුන් එසේ පන්දුව වෙනස් කිරීමට හේතුවුයේ කලින් දින ක්‍රීඩා කරන ලද පන්දුව පළුදු කරන ලද බවට ඇතිවූ සැකයක් හේතුවෙන්.

ඉන් පසුව පැය 02 කට පසුව තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියා.කෙසේ වුවත් අයිසිසි ය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රියාකලාපය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් සහ ක්‍රීඩාවේ ජිව ගුණයට පටහැනි බවයි.

එල්ලවී තිබෙන චෝදනා විභාග කිරීම සඳහා  අයිසිසි ය විසින් මයිකල් බෙලොෆ් ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිශ්චය කමිටුවක් පත් කර තිබෙනවා. එහිදී සිදුකරනු ලබන විමර්ෂණයන්ට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නයක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහට එරෙහිව දඬුවම් නියම කරනු ඇති බවයි ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.