Friday, April 19, 2024

General line - 0115112241

නෙත් සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය බදුල්ලේදී සාර්ථකව අවසන් වෙයි




නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණමාලාවේ තවත් අදියරක් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (23) සාර්ථකව නිමාවට පත්වුණා. මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලැබුවේ පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

ඊට අමතරව සිසු සිසුවියන්ගේ මවුපියන් වෙනුවෙන් ද මෙහිදී දේශනයක් පැවැත්වීම විශේෂත්වයක්. ඇහැළියගොඩ අනුර මහා විද්‍යාලයේ විදුහල්පති සරත් අලවතුර ගුරුතුමන් විසින් මෙම දේශනය සිදු කරනු ලැබුවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 05වනදා පැවැත්වීමට නියමිතයි. සිසු සිසුවියන් 326,000කට අධික පිරිසක් මෙවර එම විභාගයට පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
 

..................................................................................................................................................................

නෙත් සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය බදුල්ලේදී අද

(23-06-2018 07:25)

නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණමාලාවේ තවත් අදියරක් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී අද (23) පැවැත්වෙනවා. 

මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන්නේ පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විසින්. ඊට අමතරව සිසු සිසුවියන්ගේ මවුපියන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ විශේෂත්වයක්. ඇහැළියගොඩ අනුර මහා විද්‍යාලයේ විදුහල්පති සරත් අලවතුර ගුරුතුමන් විසින් එම දේශනය පවත්වනු ලබනවා. 

------------------------------------

නෙත් සහ සම්පත් සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හෙට

22-06-2018 19:04

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන තවත් සම්මන්ත‍්‍රණයක් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී හෙට (23) පැවැත්වෙනවා.

මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

සම්පත් බැංකුවේ පුබුදු හා සපිරි ළමා ඉතුරුම් ගිණුම් මේ සඳහා අනුග‍්‍රහය ලබා දෙනවා. එම සම්මන්ත‍්‍රණය පිළිබඳ අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අලෙවි, පූජිත රාජපක්ෂ පෙන්වා දුන්නේ දරුවන්ට විභාග ආතතියෙන් තොරව විභාගයට මුහුණ දීම සඳහා දෙමව්පියන්ද සූදානමින් සිටිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් මෙම දිනයේ දෙමව්පියන් දැනුවත් කිරීමටද කටයුතු කරන බව ද සඳහන් කළා.