Thursday, April 25, 2024

General line - 0115112241

බැලුම්ගල විමර්ෂණයකින් පසු හොඳ සල්ලිවලට තුන්ගුණයක් හොර සල්ලි දෙන ජාවාරමක් වලානෙන් අල්ලයි

චාමිකර බණ්ඩාර




ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය ඊයේ (22) පස්වරුවේ සමත් වුණා. ඒ, නෙත් එෆ් එම් බැලූම්ගල කණ්ඩායම සමග කඳාන ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

අදාළ සැකකරු දුරකතන මගින් විවිධ පුද්ගලයන් අමතා ඔවුන් ගෙන් මුදල් ලබාගෙන ඒ වෙනුවට තුන්ගුණයකින් පමණ ව්‍යාජ මුදල් ලබාදෙන බව පවසමින් එම පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබෙනවා. අදාළ සැකකරු රුපියල් ලක්‍ෂ එක හමාරක මුදලක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හතර හමාරක ව්‍යාජ නෝට්ටු ලබාදීමට වලාන දුෂණ මර්දන ඒකකයේ උපාය දූතයෙකු වෙතද එකගතාව පළ කළා.

ඒ අනුව එම ගණුදෙනුව සිදුකිරීම සදහා සැකකරුගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමත් වුණා. ඒ පිළිබද ලබන සඳුදා බැලූම්ගල වැඩසටහනින් තොරතුරු හෙළිදරව් කිරීමට නියමිතයි.