Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු බිමේ ගංජා වගාව බල්ලෙකුගේ වැඩක්දැයි සැකයක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල තිබී ගංජා පැළ කිහිපයක් හමුවී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි සංචාරකයෙකු හට මෙම ගංජා පැළ හමුවී ඇති බවයි. එසැනින් එම පැළ පාර්ලිමේන්තු සංකීර්ණ භූමියෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම ගංජා පැළ පාර්ලිමේන්තු භූමිය තුළ හටගත්තේ කෙසේද යන්න මෙතෙක් අනාරවණ වී නැහැ.

පාර්ලිමේන්තු බලධාරීන් පවසන්නේ සුළං මගින් හෝ කුරුල්ලෙකුගේ වසුරු මගින් ගංජා මල්වල බීජ පාර්ලිමේන්තු සංකීර්ණයට ව්‍යාප්ත වන්නට ඇති බවයි. ජපාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ පිහිටි කාර්යාල භාවිත කරන්නේ එරට ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය විසින්. 

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති කි‍්‍රයාත්මක කරන රටක් ලෙස ජපානය ප‍්‍රසිද්ධියක් උසුලනවා. ගංජා සුළු ප‍්‍රමාණයක් හෝ ල`ග තබා ගැනිම සම්බන්ධයෙන් ජපානය තුලදි වරදකරුවෙකු වුවහොත්  අවම දඬුවම ලෙස වසර 05ක සිර දඬුවමක් හිමිවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.