Wednesday, April 24, 2024

General line - 0115112241

පාසල් දරුවන් දවසින් දවස බිලි ගන්නා ඛේද ජනක ජාවාරම

සමන්ත කුමාර/ හරිත අලුත්ගේ




මෙරට පාසල් සිසුන්ගෙන් සැලකිය යුතු කොටසක් සීග‍්‍ර ලෙස කෘතිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් සිටින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. එහි සභාපති මහාචාර්ය සමන් අබේසිංහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.  

ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණයන්ට අනුව 9 වැනි වසරේ සිට දරුවන් මත්ද්‍රව්‍ය හෝ අන්තරායකර ඖෂධ ඇබ්බැහියට යොමු වෙමින් පවතින බවයි ඔහු පැවසුවේ. මෙම තත්ත්වයෙන් දරුවන් මුදවා ගැනීම තවමත් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ජූනි මස 26 වනදාට යෙදි ඇති මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතියක්ද සිය ආයතනයේ මූලිකත්වයෙන් කි‍්‍රයාත්මක කර ඇති බවයි මහාචාර්ය සමන් අබේසිංහ එහිදී කියාසිටියේ. ජූනි මස 26 වනදා සිට ජූලි 2 වනදා දක්වා එම වැඩසටහන් කි‍්‍රයාත්මක වනවා. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.