Friday, April 26, 2024

General line - 0115112241

ලෝක ශූර කිරුළ දරන ජර්මනිය අද පිටියට

කසුන් කැළුම්




ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ වත්මන් ලෝක ශූරයන් වන ජර්මානු කණ්ඩායම සහභාගි වන තීරණාත්මක තරගයක් අද (23) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, ස්වීඩන් කණ්ඩායම සමගයි.

එෆ් කාණ්ඩයෙන් තරග වදින ජර්මානු කණ්ඩායම මෙවර තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයේදි මෙක්සිකෝව හමුවේ අනපේක්‍ෂිත පරාජයක් අත්කර ගත්තා. ඒ අනුව දැනට එෆ් කාණ්ඩයේ 3 වන ස්ථානයේ රැදි සිටින ජර්මන් කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාම සදහා මෙම තරගය ජය ගැනීම වැදගත් වනවා.

මේ අතර එෆ් කාණ්ඩය යටතේ දකුණු කොරියානු සහ මෙක්සිකෝවද අද තරග බිමට පිවිසෙනවා. ජී කාණ්ඩය යටතේ බෙල්ජියම සහ ටියුනීසියාව අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ පැවති තරගවලදි බ‍්‍රසීලය, නයිජීරියාව සහ ස්විට්සර්ලන්තය ජයග‍්‍රහණ වාර්තා කළා. බ‍්‍රසීලය, කොස්ටරිකාව පරාජය කළේ ගෝල 2 ට බින්දුවක් ලෙසයි. නයිජීරියාව ගෝල 2 ට බින්දුවක් ලෙස අයිස්ලන්තය පරාජය කළා. ස්විට්සර්ලන්තය සර්බියාව පරාජය කළේ ගෝල දෙකට එකක් ලෙසයි.