Friday, March 29, 2024

General line - 0115112241

උස්වත්ත කන්ෆෙක්ෂනරි පුද්ගලික සමාගම බිස්කට් වෙළඳපොලට පිවිසෙයි




මෙරට උසස් තත්ත්වයේ රස කැවිලි හා ස්නැක් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් වන උස්වත්ත කන්ෆෙක්ෂනරි පුද්ගලික සමාගමේ නවතම කර්මාන්ත ශාලාව බණ්ඩාරගම මිල්ලනිය ප‍්‍රදේශයේදී ඊයේ විවෘත කෙරුණා.

ඒ පිළිබද අදහස් දැක්වූ එම සමාගමේ සභාපති ක්වින්ටස් පෙරේරා පැවසුවේ මුලින් නයිස් බිස්කට් හඳුනාවා දී පසුව අනෙකුත් බිස්කට් නිෂ්පාදනය සඳහාද කටයුතු කරනා බවය. ග්ලූකෝරස නමින් රසකැවිලි නිෂ්පාදනය අරඹමින් ආරම්භ කෙරුණු උස්වත්ත කන්ෆෙක්ෂනරි පුද්ගලික සමාගම මේ වනවිට රසකැවිලි වර්ග විශාල ප්‍රමාණයක් වෙළඳ පොලට හඳුන්වාදී ඇති බවද මෙහිදී සිහිපත් කෙරුණා.