Saturday, April 20, 2024

General line - 0115112241

කොටියා ඝාතනය කළ පිරිසක් සැඟවෙයි (UPDATE)




කිලිනොච්චිය ආම්බාල්කුළම් ප‍්‍රදේශයේ දී පහරදී කොටියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හතර දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) ලබාදුන් නියෝගයක් අනුවයි.

වනජීවි නිලධාරීන් විසින් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන යොදාගෙන මෙම සැකකරුවන් හඳුනාගත් බව පොලිසිය පැවසුවා. තවත් සැකකරුවන් කිහිප දෙනෙකු සැඟවී සිටින බවද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ද මෙහෙයුම් සිදු කරන බවද පොලිසිය කියා සිටියා.

--------------------------------------

කොටියා ඝාතනය සම්බන්ධයෙන් තවත් 04ක් අල්ලයි (UPDATE)

(25-06-2018 08:00)

 

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 04 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (24) කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුණා.  

 

----------------------------------------

කොටියා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඞ් (UPDATE)

(24-06-2018 14:03)

 

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් දෙදෙනා ලබන 29 වැනිදා දක්වා අද (24) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කිලිනොච්චි මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.  

එක් සැකකරුවෙකු ඊයේ (23) රාති‍්‍රයේ අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද උදෑසන කිලිනොච්චි පොලීසියට පැමිණ භාර වී තිබුණා.

..............................................................................................................................................................

කොටියා මැරූ පිරිසෙන් දෙදෙනෙක් කොටු වෙයි

(24-06-2018 09:42)

කිලිනොච්චියේදී කොටියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ දී කොටියෙකු මරා දැමූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත්කර තිබෙනවා. වීඩියෝ දර්ශනද නිරීක්ෂණයක කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි කිලිනොච්චි අධිකරණය පොලීසියට ඉකුත් 22 වැනිදා නියෝග කළේ. 

සැකකරුවන් කොටියාට මුගුරුවලින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චි අධිකරණය මගින් පොලීසිය වෙත භාර දී තිබෙනවා. කොටියා ඝාතනය කිරීමේ සිද්ධියට කිලිනොච්චියේ ගම්මාන කිහිපයක පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.