Friday, March 29, 2024

General line - 0115112241

කාන්තාවකගෙන් හිමි නමකට පිහි ප්‍රහාරයක්  - හිමිනම නූලෙන් බේරේ

ජයන්ත වීරසේකර




වලවේගම රාජ මහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට කාන්තාවක් විසින් තියුණු වර්ගයේ පිහියකින් ඇණීමට උත්සාහ කර තිබෙනවා.

පසුව අදාළ කාන්තාව ගම්වාසීන් විසින් අල්ලා සෙවනගල පොලිසියට භාර දී තිබෙනවා.

පොලිසිය විසින් ඉකුත් 18 වැනිදා මෙම සැකකාර කාන්තාවගේ සැමියා නීති විරෝධී මත්පැන් මිලිලීටර් දෙදහසක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා. එම වැටලීම සඳහා පොලිසියට මෙම විහාරස්ථානයේ අදාල ස්වාමීන් වහන්සේ තොරතුර ලබා දුන් බව පවසමින් මෙම පහරදීම සිදු කිරීමට තැත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 41ක තැනැත්තියක් වන අතර ඇය පිහියත් රැගෙන විහාරස්ථානයටම ගොස් ස්වාමීන් වහන්සේට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර ඇති බව පොලිසිය පවසනවා.

සැකකාර කාන්තාව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙවනගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.