Friday, March 29, 2024

General line - 0115112241

තුර්කි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අදයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තුර්කියේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද (24) පැවැත්වෙනවා. විදෙස් වාර්තා පවසන්නේ ඉදිරි 05 වසරක කාලය සඳහා රටේ ජනාධිපතිවරයා මෙන්ම නව පාර්ලිමේන්තුවක්ද පත් කර ගැනීම සඳහා එරට වැසියන් අද ඡන්දය භාවිත කරන බවයි. 

තුර්කි වේලාවෙන් අද උදෑසන 08 ට ඡුන්ද විමසීම ආරම්භ වුණා. එරට වත්මන් ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන්ද දෙවන වරටත් ජනාධිපතිධූරය සඳහා තරගවදිනවා. මෙවර ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයද පැවැත්වෙන්නේ තුර්කිය තුළ හදිසි නීතිය කි‍්‍රයාත්මක වෙමින් ඇති පසුබිමක් තුළයි.