Friday, April 26, 2024

General line - 0115112241

ධවලමන්දිර මාධ්‍ය ලේකම්වරිය "ආපන ශාලාවකින්" එලියට ඇද දමයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් (Sarah Sanders) හට අමිහිරි සිදුවීමකට මුහුණ පෑමට සිදුවුනා. ඒ ඇය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් සේවය කිරීම හේතුවෙන් අවන්හලකින් පිටව යන්නැයි එහි හිමිකරු දැනුම් දීම හේතුවෙනි.

සිය පවුලේ සාමාජිකයින් සමග රාත්‍රී ආහාරය සඳහා වර්ජිනියා හි පිහිටි  Red Hen in Lexington අවන්හලට ගොස් ඇති අතර එහිදී ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරිය මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

 Red Hen in Lexington ආපනා ශාලාවේ සම හිමිකාරිය පැමිණ පවසා ඇත්තේ තමන් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලනයට විරෝධය පලකරන බවත් ඒ හේතුවෙන් ඔහු වෙනුවෙන් සේවය කරනු ලබන අයට සිය ආපනාශාලාවේ සේවය ලබා නොදෙන බවයි. එසේ පැවසීමෙන් අනතුරුව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය සිය පවුලේ සාමාජිකයින් සමග ඉන් පිටව ගොස් තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් තබමින් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කර ඇත්තේ " මට සැමවිටම හැමදෙනාටම හොදින් සලකන්න කටයුතු කරනවා. මට විරුද්ධවන අයට පවා මම සලකන්නේ පෙරකී ආකාරයෙන්මයි. ආපනාශාලාවෙන් ඉවත්වන්නැයි කීවිට මම සාමකාමිව එයින් ඉවත් වුනා. ඇයගේ ක්‍රියාව මට වඩා ඇය ගැන හෙළිකරනවා" යනුවෙනි.

මෙම සිදුවිමට ආසන්නතම හේතුව වී ඇත්තේ මෙක්සිකෝවේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ පවුල් වල දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් වෙන් කිරීම වන්නට ඇති බව සකකරනවා.

මෙම සිදුවීම ගැන Red Hen in Lexington අවන්හලේ සම හිමිකාරිය වන ස්ටිෆ්නි විල්කින්සන් (Stephanie Wilkinson) ප්‍රකාශ කරන්නේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය " මානව විරෝධී සහ සදාචාර විරෝධී පාලන තන්ත්‍රයක්" වෙනුවෙන් සේවය කරනු ලබන නිසා එයට විරෝධය පළකරමින් තමන් එම තීරණය ගත් බවයි.

සංක්‍රමණික පවුල් වල සිටින දරුවන් වෙන් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ලොව නන් දෙසින් එල්ලවූ දැඩි විරෝධය හමුවේ එම තීරණය හකුලා ගැනීමට ඔහුට පසුගියදා සිදුවුනා.