Friday, March 29, 2024

General line - 0115112241

සෞදියේ කාන්තාවන්ට අද ලැබුණු නිදහස (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදි අරාබියේ කාන්තාවන්ට අද නිල වශයෙන් රිය පැදවීමට අවසර දුන්නා. ඒ, දශක ගණනාවක් පැරණි රිය පැදවීමේ තහනම ඉවත් කිරීමත් සමගයි. කාන්තාවන්ටද රිය පැදවීමට අවසර ලබාදෙන බව සෞදි අරාබි රජය ඉකුත් සැප්තැම්බර් මාසයේදී පළමු වරට නිවේදනය කළා. 

ඒ අනුව කාන්තාවන් වෙනුවෙන් රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම මේ මස මුලදී පළමුවරට ආරම්භ වුණා. මේ දක්වා රියදුරු බලපත‍්‍ර ඉල්ලා ඇති සෞදි කාන්තාවන් ගණන දෙදහසක්. නීතිය ඉවත් කිරීමත් සමග තමන්ට ලැබුණු අවස්ථාව සමරමින් අද දිනයේම බොහෝ කාන්තාවන් රිය පදවන අයුරු දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එලෙස රිය පැදවමින් සිය රාජකාරී බලාගිය ජෙඩා නුවර පවුල් සෞඛ්‍ය සේවිකාවක් පවසා ඇත්තේ සෞදි අරාබිය තුළ තමා රිය පදවනවා දැයි තවමත් සිතාගත නොහැකි බවයි.

රිය පැදවීමේ වරදට කාන්තාවන් රැසක් සෞදි අරාබිය විසින් ඉකුත් සමයේ නීතියේ රැහැනට හසුකර ගැණුනා.

(CNN/BBC)