Thursday, April 25, 2024

General line - 0115112241

මහදවල් හබරාදුවේ තරුණයෙක් ඝාතනය කරයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල




හබරාදුව, ගිනිගල හන්දිය ප‍්‍රදේශයේදී තරුණයෙකු කඩුවලින් සහ පොලූවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. 

යතුරුපැදියකින් ගමන් කළ මෙම තරුණයාට තවත් යතුරු පැදියකින් සහ ති‍්‍රරෝද රථයකින් පැමිණි පිරිසකුයි අද (24) දහවල් මෙලෙස පහරදී තිබුණේ. 

ඝාතනයට ලක්වූ 24 හැවිරිදි තරුණයා හබරාදුව ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. පැරණි ආරවුලක් මත ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කෙරෙන අතර ඝාතනය සිදුකළ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.