Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල්ගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට




මහඔය පොලිස් ස්ථානයට අනියුක්තව පේරවැල් තලාව පොලිස් මුරපොලේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අද (24) රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන අගහරුවාදා දක්වායි. 

සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ ඊයේ (23) දිනයේදීයි. සැකකාර කොස්තාපල්වරයාට අමතරව සිවිල් ආරක්‍ෂක බලකා නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු එහිදී අත්අඩංගුවට ගැණුනා. අදාළ මරණය පිළිබද තොරතුරු වසන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම, අපරික්‍ෂාකාරී කි‍්‍රයාවකින් හෝ නොසැලකිලිමත් කි‍්‍රයාවකින් මරණය සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනවා වනවා.