Saturday, April 20, 2024

General line - 0115112241

එංගලන්තය ඔස්ට්‍රේලියාව අතුගා දමයි

දිනුක් හේවාවිතාරණ




එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගාවලිය ඊයේ (24) අවසන් වුනා. ඒ තරග 5-0 ක් වශයෙන් එංගලන්තයට ජය හිමිකර දෙමින්. ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද පුර්ව එක්දින තරග ජයග්‍රහණය ලෙස මෙය ඉතිහාසගත වුනා.

එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවති 5 වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. නමුත් ඔවුන්ගේ තීරණය ඔවුන්ටම පාරා වළල්ලක් වුනේ එංගලන්ත කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හේතුවෙනි. ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ඒරොන් ෆින්ච් සහ ටීම් පේන් පළමු කඩුල්ල සඳහා ලකුණු 60 ක් ලබා ගනිමින් ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නත් ඉන් පසුව එංගලන්ත පන්දු යවන්නන් ක්‍රමක් ක්‍රමයෙන් සිය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිය ග්‍රහණයට නතු කරගත්තා. අවසානයේදී ඕවර 34.4ක් තුලදී සියලු දෙනා දැවී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට වාර්තා කිරීමට හැකිවුයේ ලකුණු 205 ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු ටීම් පේන් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු මොයින් අලී ලකුණු 46 ට කඩුලු 4ක් දවා ගත්තා.

ලකුණු 206 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි එංගලන්ත කන්දයාමේ ආරම්භය ඒ තරම් සාර්ථක වුයේ නැහැ. එංගලන්තයේ පළමු කඩුලු 5 ම ලකුණු 50 ක් තුලදී ආපසු හරවා යැවීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුනා. අවසානයේදී ජෝස් බට්ලර් ක්‍රමක් ක්‍රමයෙන් එංගලන්ත ඉණිම ගොඩ නගමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය කරා රැගෙන ආවේ අනගි ශතකයක්ද තම නම ඉදිරියේ සනිටුහන් කර ගනිමින්. පන්දු 122 ක් තුලදී හයේ පහර එකක් සහ හතරේ පහර 12 ක් සමගින් ජොස් බට්ලර් මෙහිදී නොදැවී ලකුණු 110 ක් රැස්කිරීමට සමත් වුනා.

ඒ අනුව තරග 5-0ක් වශයෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය.