Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉනිමට බාධා (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනයටද වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.  

ඒ වනවිට  සිය පළමු ඉනිම කි‍්‍රඩා කරමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 05කට ලකුණු 99ක් රැස්කර ගෙන සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ  පළමු ඉනිම ලකුණු 204කට සීමා වුණා. ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම තවත් කඩුළු 05ක් අතැතිව කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 105ක් පසුපසින් සිටිනවා. 

--------------------------------

ශී‍්‍ර ලංකාව සහ කොදෙව්වන් වේග පන්දුවෙන් වැඩ ගනියි

(25-06-2018 07:22)

 

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම කි‍්‍රඩා කරන 
ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 5 ක් දැවී ලකුණු  99 රැස්කර ගෙන සිටියා. 

ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුලූ 02 ලකුණු 16ක් තුළ බිඳ වැටුණා. පසුව ශී‍්‍ර ලංකා පිලට යම් ජිවයක් හෝ ලබා දුන්නේ ධනුෂ්ක ගුණතිලක ලකුණු 29ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස්කරමින්.  වේග පන්දු යවන්නන් වන කෙමා රොච් සහ ෂැනොන් ගේබි‍්‍රල් අතරේ කඩුළු 02 බැගින් බෙදී ගියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ  පළමු ඉනිම ලකුණු 204කට සීමා වුණා. දක්ෂ පන්දු යැවිමක නිරත වූ ලහිරු කුමාර කඩුළු 04ක් බිඳ හෙලූවා. කසුන් රාජිත කඩුළු 03ක් සහ සුරංග ලක්මාල් කඩුළු 02 බැගින් බිඳ හෙලීමට සමත්වුණා.