Friday, April 26, 2024

General line - 0115112241

අසීමිත බලයක් සමග තුර්කි ජනපති ඉදිරියෙන්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තුර්කි ජනාධිපතිවරණයෙන් එරට වත්මන් ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් ජය ලබා තිබෙනවා.

ඒ අනුව දෙවන වරටත් ඔහු තුර්කියේ බලය හිමිකර ගනු ඇති.

දැනට නිකුත් කර ඇති ප‍්‍රථිඵල අනුව ජනාධිපති අර්ඩගොන් සියයට 53 ක ප්‍රතිශතයක් හිමිකර ගෙන සිටිනවා. ප‍්‍රතිවාදියාට හිමිව ඇත්තේ සියයට 31 ක් පමණයි. 

ජනාධිපතිවරණයට සමගාමීව පැවැති මහ මැතිවරණයෙන් ජය ගෙන ඇත්තේද ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් නායකත්වය දෙන පාලක ඒ. කේ. පක්ෂය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණයේ මෙන්ම මහ මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵල ලබන සිකුරාදා නිකුත් කිරීමට නියමිතයි.

ඉකුත් දා සිදු කළ තුර්කි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් හට ඉදිරියේදී අසීමිත බලතල හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.