Friday, April 19, 2024

General line - 0115112241

තවත් තීරණාත්මක තරග 04ක් අද

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාපන්දු ලෝක කුසලානයේ තවත් තීරණාත්මක තරග 04ක් අද (25) පැවැත්වෙනවා.

සත්කාරක රුසියාව තරග වදින්නේ උරුගුවේ රාජ්‍යය සමගයි.

මෙම කණ්ඩායම් දෙකම දැනටමත් ඒ කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් 16ට සුදුසුකම් ලබා අවසන්.

ඒ කාණ්ඩයේ සවුදි අරාබිය සහ ඊජිප්තුව අතර තරගයද අද පැවැත්වෙනවා. 

බී කාණ්ඩයේ ස්පාඤ්ඤය සහ මොරොක්කෝ කණ්ඩායම අතර තරගයද අද පැවැත්වීමට නියමිතයි.

එම තරගය ජය ගත හොත් හෝ සම වුවහොත් ස්පාඤ්ඤයට අවසන් 16යේ කණ්ඩායමට එක්විය හැකියි.

බී කාණ්ඩයේ තීරණාත්මක තරගය පැවැත්වෙන්නේ ඉරානය සහ පෘතුගාලය අතරයි.

පෘතුගාලයට අවසන් 16යේ කණ්ඩායමට පිවිසීමට නම් මෙම තරගය ජය ගැනීමට හෝ සම වීම අනිවාර්යයි. 

ලෝක කුසලානයේ ඉදිරි වටයට මේ දක්වා ඍජුව සුදුසුකම් ලබා ඇත්තේ රුසියාව, උරුගුවේ, ප‍්‍රංශය, කොස්ටරිකා, එංගලන්තය සහ බෙල්ජියම පමණයි.

කෙසේ වෙතත් ප‍්‍රබල ස්පාඤ්ඤය, පෘතුගාලය, ජර්මනිය, බ‍්‍රසීලය සහ ආජන්ටිනාව තවමත් සිටින්නේ අවදානම් අඩියකයි.