Saturday, April 20, 2024

General line - 0115112241

රහසිගතව තොරතුරු දෙන ජනතාවට තෑගි




බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල ගිනි තැබීම් නිසා නායයාමේ හා ගල් පෙරළීමේ දැඩි අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙනවා.

මෙසේ කැළෑ ගිනිතබන පුද්ගලයින් පිළිබද නිවැරදි තොරතුරු ලබා දෙන අයට ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඊ. එම්. එල්. උදයකුමාර පවසන්නේ.

තොරතුරු ලබා දෙන්නන් රහසිගතව තබා ගන්නා බවත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ග්‍රාම නිලධාරීවරයා වෙත එම තොරතුරු ලබා දිය හැකි බවත් පෙන්වා දෙනවා.

කැළෑ ප්‍රදේශයක ගින්නක් ඇති බව දුටුවහොත් වහාම අදාළ අංශ දැනුවත් කර ඔවුන් පැමිණෙන තෙක් ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කිරීමෙන් සිදුවෙන විශාල විනාශයක් අවම කර ගත හැකි බවද මතක් කර සිටිනවා.