Friday, April 19, 2024

General line - 0115112241

රට පුරා බිය හා සැක හිස ඔසවලා - මල්වතු අනුනායක හිමියන්

කමල් සුරවීර / පසන් ද සිල්වා




රට පුරා බිය හා සැක හිස ඔසවා ඇතැයි මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා. මහනුවර ශික්ෂණ රෝහලේ නව බුදු මැදුර විවෘත කිරීමේ අවස්ථාවට අද (25) සහභාගී වෙමිනුයි උන්වහන්සේ ඒ බව පැවසුවේ. 

ලංකාවේ තරුණ තරුණියන්ට පවා අද රටේ පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්, දිනෙන් දින රටේ සිදුවන අපරාධ ගැනද මෙහිදී උන්වහන්සේ මතක් කර දුන් අතර සුදුස්සාට සුදුසු තැන හිමිනොවන අතරම එය වෙනත් අයගේ ඕනෑ එපාකම් අනුව හිමිවන බවයි මෙහිදී උන්වහන්සේ පවසා සිටියේ.

සිදු වෙමින් ඇති පරිහානිය වළක්වා කෙසේ හෝ රට යහමගට ගතයුතු බවද මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මෙහිදී කියා සිටියා.