Thursday, April 25, 2024

General line - 0115112241

කුණු ඇද්දා කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට සුදුස්සෙක් නෙවෙයි - අමාත්‍ය දුමින්ද දිසානායක

පසන් ද සිල්වා




ඉකුත් ආණ්ඩුව සමයේ කළ ඇතැම් කටයුතු පමණක් සැලකිල්ලට ගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට සුදුස්සෙකු යැයි ප‍්‍රකාශ කිරීම නිවැරදි නොවන බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අනුරාධපුරයේ අද (25) පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. 

ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු රටට දෙයක් කළ බවත් එයට හේතුව වුයේ ඔහුගේ සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිසා ඔහුට තමන්ගේ තනතුරේ වැඩ කිරීමට අවශ්‍ය අවසරය සහ ආරක්ෂාව ලැබුනා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සමයේ කොළඹ පිරිසිදුව තිබුනා කියලා කියනවා. ඒ සිවිල් ආරක්ෂක බළකාය කොළඹ නගරයේ පිරිසිදු කිරීම් සඳහා ඔහු යොදවා තිබුනා. අපි බලයට එන විට ප්‍රකාශ කළා රටේ හමුදාව කුණු අස්කරන්න යොදා ගන්නේ නැහැ කියලා. ඒ නිසා කුණු ටික අස්කරපු පලියට හිටපු ආරක්ෂක ලේකම්වරයා රටේ ජනාධිපතිධුරයට සුදුසු වෙන්නේ නැහැ යැයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

රාජ්‍ය පාලනය සඳහා හිට්ලර්වරයෙකු නොගැළපෙන බවද අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී කියා සිටියා.