Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සංචාරක කේෂත්‍රයේ සංවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහය

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රයේ වෘත්තීය සංවර්ධනය සඳහා  ඕස්ටේ‍්‍රලියානු රජය සහය පළ කරනවා. ඒ අනුව  ඕස්ටේ‍්‍රලියානු රජයේ ආධාර යටතේ ශ‍්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා වූ වැඩමුළුවක් කොළඹ දී ඉකුත්දා පැවැත්වුණා. 

මෙවැනි වැඩමුළුවක් ඉකුත් පෙබරවාරී මාසයේ දී පැවති අතර පුහුණුව ලැබූවන්  ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යයන චාරිකාවක ද නිරත වුණා.