Thursday, April 25, 2024

General line - 0115112241

ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය විසින් ජිනීවා හි උද්ඝෝෂණයක (PHOTOS)

හේමන්ත කහවලගේ




ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය විසින් ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (24) උද්ඝෝෂණයක් සිදුකළා. ඒ  "බෙදුම්වාදය දිනවන - රට අස්ථාවර කරන 20 වැනි සංශෝධනය පරදවමු" යන තේමාව මුල් කර ගනිමින්. 

මෙහිදී අදහස් දැක්වූ ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න, 20 වන සංශෝධනය සහ ෆෙඩරල් රාජ්‍ය සංකල්පය පරාජය කළ යුතු බවයි. එමෙන්ම රට රැකගැනීම සඳහා කටයුතු කළ රණවිරුවන් සුරැකීම හා මව්බිමේ ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රැස්ව සිටි පිරිස අමතා අදහස් දක්වා  සිටියා. 

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ දුරකථනයෙන් සම්බන්ද වී පැමිණ සිටි ජනතාව අමතා දිරිමත් කර තිබෙනවා.