Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවත් විකුණා දමයිදැයි පොහොට්ටුවට සැක

ලහිරු කපුගේ / ඩිල්ෂාන් මඩවල




වත්මන් ආණ්ඩුව වැඩි කල් නොගොස් පාර්ලිමේන්තුවත් විකුණා දමනු ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන අද (25) සැක පළ කළා. ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මේ දිනවල පාර්ලිමේන්තුව අවට මාර්ගය මෙන්ද වටේ තිබෙන දියවන්නා ඔයද ක්‍රමක් ක්‍රමයෙන් අලුත්වැඩියා කරමින් තිබෙන බවත් අවසානයේ වෙළදපල වටිනාකමක් ඇතැයි පවසා එයද ඉන්දියානු සමාගමකට විකුණා දමනු ඇත්ද යන්න ගැන සැකයක් තමන්ට ඇති බව ඔහු කියා සිටියා.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සමඟ එහි සිටින මන්ත‍්‍රීවරුන් ද විකුණා දමනු ඇත්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා. 
එයට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා කියා සිටියේ හිටපු ජනාධිපතවරයා සමග සිටින පිරිස විකිනීමට නොහැකි බවයි.