Tuesday, April 23, 2024

General line - 0115112241

නාසා ආයතනයේ ඇස් වසා "ග්‍රාහකයක්" රුසියාවට කඩා වැටෙයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පැයට සැතපුම් 32,200 ක වේගයෙන් පැමිණි අභ්‍යවකාශ ග්‍රාහකයක කොටසක් රුසියාවට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ග්‍රාහකය "ගිණි බෝලයක්" මෙන් කඩා වැටෙන අයුරු බොහෝ දෙනෙකු සිය පියවි ඇසට දැක තිබෙනවා.

කෙසේ නමුත් මෙවැනි ග්‍රාහකයක් පෘථිවියට ඇතුල්වන බව නාසා ආයතනයයේ "අභ්‍යවකාශ අනතුරු ඇඟවීමේ පද්ධතියට" වාර්තා නොවී ඇති අතර මුලින්ම එය වාර්තාවී ඇත්තේ න්‍යෂ්ටික පිපිරීම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම සඳහා අමෙරිකාවේ ස්ථාපිත කර තිබෙන කම්පන මානයකටය. ඒ එම ග්‍රාහකය පොලවට පතිත වීමෙන් අනතුරුවයි.

මෙලෙස කඩා වැටී ඇති ග්‍රාහකයා මීටර් 4 ක (අඩි 13) පළලින් යුක්ත වන අතර එය කිලෝ ටොන් 3 ක ප්‍රභලත්වයකින් යුක්තව පෘථීවි කක්ෂයට ඇතුල් වී ඇති බවයි වාර්තා වන්නේ. නාසා ආයතනයේ දත්ත වලට අනුව මෙම ග්‍රාහකය පෘථිවි පෘෂ්ඨයට සැතපුම් 16.7 ක් ඉහල දී පුපුරා ගොස් ඇති බවයි.

මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් සිදුවී නොමැති බවටද වාර්තා වනවා.

මේ අතර පසුගියදා නාසා ආයතනය විසින් සිය "අභ්‍යවකාශ අනතුරු ඇඟවීමේ පද්ධතිය" උදැසන කාලයේදී පෘථිවි කක්ෂයට ඇතුල් වන අභ්‍යවකාශ වස්තුන් පිළිබඳව හදුනාගැනීම ගැනීම සහ තොරතුරු ලබාදීමේ යම් ගැටලුවක් පවතින බවට නිවේදනය කර තිබෙනවා.

රුසියාවේ වේලාවෙන් උදැසන 4:10 ට පමණ මෙම ග්‍රාහක වස්තුව එරටට කඩා වැටී ඇති අතර මොස්කව් නුවරට ගිනිකොණ දෙසින් පිහිටි Kursk, Lipetsk, Voronzeh සහ Orel නගරවල ජනතාව මෙය දැක තිබෙනවා.

2013 වසරේදී ද රුසියාවට මෙවැනි ග්‍රාහකයක් කඩා වැටුණු අතර එහි ප්‍රබලත්වය කිලෝටෝන් 440 ක් වූ අතර පුද්ගලයින් 400 ක් පමණ ඉන් තුවාල ලැබුවා.