Saturday, April 20, 2024

General line - 0115112241

විවෘත වීමට නියමිත සුගතදාස ක්‍රීඩාංගණ හෝටලයේ අලුත් තහනම




සිදු කරන ලද ප්‍රතිසංස්කරණයන්ගෙන් අනතුරුව ඉදිරියේ දී විවෘත කිරීමට නියමිත කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය හෝටලය තුළ මත්පැන් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

තවද  ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය සපයන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම ශ්‍රී ලාංකික සංස්කෘතික ගුණාංගයන්ට ද නොගැලපෙන බැවින් එය තහනම් කිරීමට තීරණය කළ බවද අමාත්‍ය වරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රීඩා අමාත්‍යවරයා “අප රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය සපයන එවන් ආයතනයක් තුළ මත්පැන් අලෙවි කිරීම ශ්‍රී ලාංකික සංස්කෘතියට සහ  ශ්‍රී ලාංකික ගුණාංගයන්ට ද නොගැලපෙන බව මගේ මතයයි. පෞද්ගලිකව මමත් විශ්වාස කරනවා එවැනි ස්ථානයක මත්පැන් අලෙවිය සිදු නොකළයුතු බව. එමගින් එම ආයතනයෙහි සේවය ලබාගන්නා අප රටේ අනාගත ක්‍රීඩා තරුවලට ශක්තියක් විය හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. එම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමට  මම පියවර ගත්තා.” යනුවෙන් ප්‍රකාශ කළා.