Thursday, April 25, 2024

General line - 0115112241

STF සහ පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්

හේමන්ත කහවලගේ




කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව පළා ගිය සැකකරුවන් සොයා මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාතර අකුරැස්ස ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මාකාදුරේ මදුෂ් නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන පෙලේ ගෝලයෙක් වන " තිලක්" නැමැත්තා මෙහිදී මිය ගියා.

කඹුරුපිටිය ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් සැරිසරන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව කරුණු අනවාරණය කර ගැනීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිට ඇති අතර එහිදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නතර කිරිම සඳහා දුන් අණ නොතකා පළා ගොස් තිබුණා.

පළා යමින් සිටි ත්‍රිරෝද රථය පසුපස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හඹා ගොස් ඇති අතර එහිදී ත්‍රිරෝද රථය ඒ ආසන්නයේ පිහිටි කැලැ බඳ ප්‍රදේශයක නතර  කර එහි සිටි පිරිස හා පොලිස් කාර්ය බලකායේ නිලධාරින් අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා.